අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට
අහංගම, කතළුව පාලම අසලදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයකි.
අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ
ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි
මෙම අනතුර සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි