තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දී දිස්ත්රික් රැසකට වෙන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (26) පූර්වාහ්න 09:00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (27) පූර්වාහ්න 09:00 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි වලංගු වේ.
අපහසුතාවයට පත් සියලුම පාරිභෝගිකයන්ට ලිට්රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට රට පුරා බෙදා හැරීමට පියවර
නායයෑම්, කංඩි කඩා වැටීම් සහ පස් කඳු කඩා වැටීමේ අවදානම් සහිත ප්රදේශවල ජීවත්වන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්යතාවය අනුව ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට සූදානමින් සිටින ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර දිස්ත්රික්කයේ :- වලල්ලාවිට සහ බුලත්සිංහල කෑගල්ල දිස්ත්රික්කයේ :- දෙහිඕවිට සහ ගලිගමුව නුවරඑළිය දිස්ත්රික්කයේ :- අඹගමුව කෝරළය සහ නොර්වුඩ් රත්නපුර දිස්ත්රික්කයේ :- රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
ගාල්ල දිස්ත්රික්කයේ :- තවලම ගම්පහ දිස්ත්රික්කයේ :- අත්තනගල්ල කළුතර දිස්ත්රික්කයේ :- මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ මහනුවර දිස්ත්රික්කයේ :- උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර කෑගල්ල දිස්ත්රික්කයේ :- කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට කුරුණෑගල දිස්ත්රික්කයේ :- නාරම්මල සහ කුරුණෑගල රත්නපුර දිස්ත්රික්කයේ :- කිරිඇල්ල සහ ඕපනායක