කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට විදේශ ගමන් තහනමක්
ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර තහනම් කිරීමට ද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේදී නියම කළේය.
බෙංගාල බොක්කේ නිර්මාණය වූ ‘ඔර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ මීටර් ගණනක් උස් වේ - දරුණු අනතුරක්
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 20ක් මේ වන විට ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
අදාළ වන්දි මුදල් නියමිත පරිදි නොගෙවීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව, අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.