අනපේක්ෂිත පෙරළියක් කරමින් ලූලා ද සිල්වා යළි ජනපති පුටුවට - ඓතිහාසික ජයග්රහණයෙන් බ්රසීලය හොල්ලයි
බ්රසීලයේ ප්රවීණ වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, දැඩි තරගකාරී මැතිවරණ ව්යාපාරයකින් පසුව යළි තේරී පත්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු විසින් පරාජය කරන ලද්දේ දක්ෂිණාංශික ප්රතිවාදියා වන ජෙයාර් බොල්සොනාරෝ යි.
ඒ අනුව සියලු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, ලූලා ඡන්ද ප්රතිශතයෙන් 51.79%ක් ලබා ගත් අතර, බොල්සොනාරෝ ලබා ගත්තේ 48.21%ක් බව බ්රසීලයේ උසස් මැතිවරණ අධිකරණය නිවේදනය කර ඇත.
එහෙත් බොල්සොනාරෝ මෙම ප්රතිඵලය පිළිගැනීම ප්රතික්ෂේප කර ඇති බව සඳහන්.
ඔහු ඊට හේතුව වශයෙන් දක්වන්නේ ඡන්ද විමසීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කිරීම "පැහැදිලි කළ නොහැකි" ක්රියාවක් බවයි.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
එහෙත් ඇත්ත වශයෙන්ම බොල්සොනාරෝගේ මැතිවරණ කණ්ඩායම මෙන්ම ඔහුගේ ප්රතිවාදියාගේ කණ්ඩායම ද ඡන්ද මධ්යස්ථාන වැඩි වේලාවක් විවෘතව තබන ලෙස ඉල්ලා තිබුණු බව සඳහන්.
බ්රසීලියා (Brasília) නුවර සිටි තම ආධාරකරුවන් අමතමින් ඔහු කියා ඇත්තේ, මෙම මැතිවරණය අවලංගු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.
එසේ වුවද, ලූලා සහ ඔහුගේ ආධාරකරුවන් මෙය "ඓතිහාසික ජයග්රහණයක්" සහ අනපේක්ෂිත පෙරළියක් වශයෙන් හඳුන්වමින් සැමරීම නතර කර නොමැත.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
එමෙන්ම ජනාධිපතිවරණයකදී ලූලා ලැබූ සිව්වන ජයග්රහණය මෙයයි. ඔහු මීට පෙර 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා ජනාධිපතිවරයා වශයෙන් වාර දෙකක් සේවය කර ඇති අතර, යළිත් වරක් 2023 ජනවාරි මාසයේ සිට එම ධුරය හොබවමින් සිටී.
එසේ වුවත් ඊයේ(25) පැවති අවසන් වටයේ ඡන්ද විමසීමේදී (run-off) මෙම ජයග්රහණය කරා පැමිණි ගමන එතරම් සුමට එකක් වී නොමැත.
ඔක්තෝබර් 4 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේදී බොල්සොනාරෝ විසින් ලූලාව පරාජය කර තිබූ අතර, සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්රතිඵලය මෙසේ වෙනස් කර ගැනීමට ලූලාට හැකි වනු ඇතැයි බොහෝ දෙනා නොසිතූ බව ද සඳහන්.