ඩිමොක්රටික් කඳවුර කැළඹූ නිකී මිනාජ්ගේ ආගමනය- ට්රම්ප් එක්ක මිචිගන් රැළියට ඇවිත් හෙළි කළ කතාව මෙන්න
එක්සත් ජනපදයේ ඉදිරි මධ්ය කාලීන මැතිවරණ ඉලක්ක කරගනිමින් රිපබ්ලිකන් පක්ෂයට සහාය පළ කිරීම සඳහා මිචිගන් ප්රාන්තයේ පැවති ජන රැළියකට එක් වූ සුප්රකට රැප් ගායිකා නිකී මිනාජ් (Nicki Minaj), ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රටේ සමස්ත වාතාවරණය වෙනස් කර ඇති බව ප්රකාශ කළාය.
ජනපති ට්රම්ප් ඇගේ පෙනුම අගය කරමින් වේදිකාවට කැඳවා අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීමෙන් අනතුරුව, “ඔහු අපට බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් ලබා දී තිබෙනවා” යැයි මිනාජ් පැවසුවාය.
ජනාධිපතිවරයා පළමු ජනාධිපති ධුර කාලයේදී ඔහුගේ ඇතැම් ප්රතිපත්ති විවේචනය කර තිබුණද, මේ වන විට මිනාජ් තමන්ව හඳුන්වා දෙන්නේ ඔහුගේ “අංක එකේ රසිකාවිය” ලෙසයි.
මධ්ය කාලීන මැතිවරණයට සතියකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී, මිචිගන් ප්රාන්තයේ සෙනෙට් සභා තරගය දැඩි අවධානයට ලක්ව තිබේ.
ඩිමොක්රටික් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) සහ රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස් (Mike Rogers) අතර තියුණු තරගයක් පවතී.
මේ අතර, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සෙනසුරාදා එල්-සයීඩ් සමඟ එක්ව මැතිවරණ ප්රචාරක ජන රැළියකට සහභාගි විය.
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණය ට්රම්ප්ගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කාලය තුළ කොංග්රසයේ බලය හිමිවන්නේ කුමන පක්ෂයටද යන්න තීරණය කිරීමේදී තීරණාත්මක වනු ඇත.
එබැවින් ඩිමොක්රටික් පක්ෂය ද සිය මැතිවරණ ප්රචාරක කටයුතු තීව්ර කර තිබේ.
ඉරිදා සිදුකළ ප්රකාශයකදී ට්රම්ප්, එල්-සයීඩ්ගේ මුස්ලිම් ආගමික පසුබිම ඉලක්ක කරමින්, ඔහු මැතිවරණයෙන් ජයගතහොත් ඇමරිකාවට “ජිහාඩ්වාදීන්” ගෙන්වා ගනු ඇති බවට චෝදනා කළේය.
ජනපති ට්රම්ප්ගේ එම ප්රකාශ ඉස්ලාම් භීතිකාව පිළිබිඹු කරන බවට එල්-සයීඩ් විවේචනය කළේය.
පසුගිය සතියේ ඡන්දදායකයන් වෙත නිකුත් කළ ප්රචාරක දැන්වීමක ඔහු සඳහන් කළේ, ඉන්ධන, ආහාර සහ වෛද්ය සේවා සඳහා වන වියදම් ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින අතර, එම ගැටලුවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ට්රම්ප් තම නම සහ ආගම භාවිත කරන බවයි.
ඉරිදා පෝට් හියුරොන් (Port Huron) හි පැවති රැළියට රන් පැහැති ගුචි (Gucci) සන්නාමයේ ඇඳුමකින් සැරසී පැමිණි මිනාජ්, ට්රම්ප්ගේ නම මෙන්ම මිචිගන්හි රිපබ්ලිකන් අපේක්ෂකයන්ගේ නම් ද රැස්ව සිටි පිරිස ලවා හඬ නඟා කියවීමට මූලිකත්වය ගත්තාය.
“අපේ රටට මෙය තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයක්. ඒ නිසා මේ විශිෂ්ට පුද්ගලයන් සියලු දෙනාම තේරී පත්වීම අත්යවශ්යයි,” යනුවෙන් ඇය ප්රකාශ කළාය.
මිනාජ් වේදිකාවෙන් බැස යාමට සූදානම් වූ අවස්ථාවේදී ජනාධිපති ට්රම්ප් ඇයට නැඟී සිටින ලෙස ඉල්ලා සිටියේය.
පසුව, රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙද්දී, ඇගේ ප්රකාශවලින් තමන් අපහසුතාවට හෝ අපහාසයට පත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. ‘
Super Bass’ ගීතය හරහා ද ප්රසිද්ධියට පත් මිනාජ්, ට්රම්ප් සමඟ එයාර් ෆෝස් වන් ජනාධිපති ගුවන් යානයෙන් මිචිගන් ප්රාන්තයට පැමිණ තිබුණාය.
එහිදී ඇය සහ සහායකයෙකු එක්ව වීඩියෝවක් ද රූගත කර තිබූ අතර, එය ජනාධිපති ගුවන් යානය තුළ සිටියදී X සමාජ මාධ්යයට එක් කර තිබුණි.
එම වීඩියෝවේදී ඇය ධවල මන්දිරයේ මාධ්ය ලේකම් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන ආකාරය හාස්යජනක ලෙස නිරූපණය කළාය. කෙටි කාලයක් එම තනතුරේ කටයුතු කළ කැරොලයින් ලීවිට්ගේ අස්වීමෙන් පසු ධවල මන්දිරයේ මාධ්ය ලේකම් තනතුර පුරප්පාඩුව පවතින බව වාර්තාවේ.
ට්රිනිඩෑඩ් සහ ටොබැගෝහි උපත ලැබූ මිනාජ් මීට පෙර ද අවස්ථා කිහිපයකදී ජනපති ට්රම්ප්ට සහාය පළ කර ඇත නයිජීරියාවේ කිතුනුවන් හිංසනයට ලක්වන බවට ට්රම්ප් කළ ප්රකාශ සහ අයදුම්කරුවන්ට එක්සත් ජනපදයේ පදිංචිය සඳහා මෙන්ම පුරවැසිභාවය ලබා ගැනීමේ මාර්ගයක් සඳහා ද අවස්ථා සලසන ඔහුගේ “ගෝල්ඩ් කාඩ්” වීසා වැඩසටහන සම්බන්ධයෙන් ද ඇය ඔහුගේ ස්ථාවරයන්ට සහාය දක්වා ඇත.