වසර දෙකක කාලයක සිට දියණියට අතවර කළ කුරිරු පියෙකුට ලැබුණ දඬුවම.

Sri Lanka Police Sri Lanka Sexual harassment
By krishani Jul 14, 2023 07:01 AM GMT
krishani

krishani

Report

තම දියණියට වසර දෙකක කාලයක සිට ලිංගික අතවර කළ බව කියන පියෙකුට කිළිනොච්චිය මහාධිකරණය විසින් සිර දඬුවම් 13 වෙනිදා නියම කර තිබෙනවා.

ඒ වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ය.

මෙම සිර දඬුවම නියම කළේ, කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ. එම්.ඒ. සහාබ්දීන් මහතා විසින් ය.

ඒ 2013 වසරේ කිලිනොච්චිය නගරයට ආසන්න ප්‍රදේශයේ පිහිටි නිවසක දී වයස අවුරුදු දහයක් වූ සිය දියණියට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ය.

ඔහු විසින් ඊට පසුව වසර දෙකක කාලයක් සිය දියණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකර ඇත.

දැරියගේ මව විසින් කිළිනොච්චිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී සියළුම සාක්කි වලින් දරියගේ පියා වැරදිකරු බවට තීරණය වීය.

මෙම සිර දඩුවමට අමතරව විත්තිකරුට රුපියල් දසදහසක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස ද දැරියට වූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස ද එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් සිර දඩුවම තවත් වසර දෙකකින් වැඩි වන බව ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.