සිසුවියකට ලිංගික අතවරයක් සිදු කළ විදුහල්පතිවරයාට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 12, 2023 01:42 AM GMT
krishani

krishani

Report

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 12 හැවිරිදි සිසුවියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදුකිරීමේ එම පාසලේම විදුහල්පතිවරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

එම චෝදනාවට වරද පිළිගත් ඔහුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වසරක මහතා බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර 05 කට අත්හිටුවනු ලැබීය.

එයට අමතරව වින්දිත බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මෙම සිදුවීම 2016 වසරේ අගෝස්තු මාසයේ දී සිදු වී ඇති අතර නඩුවේ සාක්ෂි කැඳවීමටත් පෙරම සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගෙන ඇත.