ලිංගික අධ්‍යාපනය කියලා කරේ පෙළපොතට ප්‍රජනක පද්ධතිවල ෆොටෝ දාපු එක විතරයි ඒවා වෙන හැටි කියා දෙන් නෑ - චමල්

Sri Lankan Schools Education schools Sinhala news Breaking News
By Kaushi Jul 29, 2025 07:31 AM GMT
Kaushi

Kaushi

Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටින්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රට පුරා ආන්දෝලනයක් ඇතිවී තිබුණද බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නේ නිශ්චිත අවබෝධයකින් තොරව දේශපාලන අරමුණුවලින් පමණක් බව පැහැදිලි වන බවයි.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ අනුව ඔහු සඳහන් කළේ පහුගිය කාලය මුළුල්ලේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස සිදුවූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෙටි කතා ඉවත්කොට තවත් කවුරුන් හෝ ලේඛකයෙකුගේ කෙටිකතා හෝ කවි එකතු කිරීම වැනි අධ්‍යාපන ග්‍රන්ථවල පරිච්ඡේද වෙනස් කිරීම පමණක් බවයි.

එහෙත් රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික සංවර්ධනය කේන්ද්‍ර කොට සිදුවිය යුතු බව වෛද්‍යවරයා පවසයි.

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

එමෙන්ම වර්තමානයේ රටේ ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අඩු වයසින් ගර්භනී භාවයට පත්වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මාරක අනතුරු ඉහළ යාම, රටේ සිවිල් පුරවැසියන් පවතින සිවිල් සහ අපරාධ නීතිය පිළිබඳව අවබෝධයක් නැති වීම වැනි ප්‍රායෝගික කරුණුවලට සමාජයක් වශයෙන් මුහුණපාන බැවින් එම කරුණු පිළිබඳව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අවධානයට ලක් කළ යුතු බව ඔහු දක්වයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන්ට ලබාදීම ඔස්සේ පසුගිය කාලයේදී සිදුවූයේ පෙළපොත්වලට ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධතිවල ඡායාරූප එකතු කිරීම පමණක් බවයි. ඉන් පරිබාහිරව ස්ත්‍රී සහ පුරුෂ ශරීරයන් ගැන, ලිංගික ක්‍රියාවන් සහ ඒ ආශ්‍රිතව බෝවන රෝග ආ සමාජ ආර්ථික දේශපාලන ගැටළු පිළිබඳව ද පුළුල් අවබෝධයක් ලබා දිය හැකි විෂය පථයක් නිර්මාණය විය යුතු බවත් කියයි.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

තවද එම විෂය මාලාවන් නිසි ලෙස ඉහැන්විය හැකි ගුරු පරපුරක් බිහි කිරීමටද විෂය මාලා සංවර්ධනයේදී අවධානයේ ලක්විය යුතු බවත් පවසයි.

පෙර පාසල් දරුවන්ගේ සිට උසස් පෙළ දරුවන් තෙක් පාසල් අධ්‍යාපනය විෂය මාලා සංවර්ධනයේදී ප්‍රායෝගිකව මහපොළොවේ අත්දැකීම් සහිත විද්වතුන් සම්බන්ධ කොට ඒ පිළිබඳව කතිකාවත ගොඩනැගිය යුතු බවද දක්වයි.

එසේ වුවද විෂය මාලා සංවර්ධනය හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදුවන්නේ විවිධ රටවල්වල සහ විවිධ රාජ්‍ය නොවන ආයතනවල ඕනෑ එපාකම් ඉටුකිරීම හෝ දේශපාලනික අරමුණුවලට සිදුවන වෙනස්කම් පමණක් වීම කනගාටුවට හේතුවක් බවත් සෑම ආණ්ඩුවක්ම බලයට පත්වීමෙන් අනතුරුව අවුරුදු පහෙන් පහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස්වීම නිසා රටක් ලෙස අප දැඩි වශයෙන් ආපස්සට ගොස් ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

චමල් සංජීව මහතා තවදුරටත් කියා සිටියේ ලෝකය දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රම නිරීක්ෂණය කිරීමට යන විද්වතුන් නැවත ලංකාවට පැමිණ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන බවයි.

එනිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයන් පමණක් නොව පරිබාහිර සමාජ ආර්ථික දේශපාලන විෂය පථයන් පිළිබඳව ද අදහස් දක්වන ප්‍රායෝගික විද්වතුන්ගේද අදහස්වලින් සමන්විතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වර්තමාන රජය කටයුතු නොකරන්නේ නම් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුස්සක් බවත් කියයි.

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට

ඉන්දියාවේ බස් රථ හා ගෑස් ට්‍රක් රථයක් ගැටී පුද්ගලයින් 18ක් මරුට

ReeCha