දකුණු කැලිෆෝනියාව ගිනි ගනී - දරුණු ලැව්ගින්නෙන් පළාතම විනාශයි
By Ashfa
දකුණු කැලිෆෝනියාවේ සිමි වැලී නගරයේ නිවාස ආසන්නයට පැතිර යන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් දහස් ගණන් ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
ඊයේ (18) සදුදා උදෑසන 10ට පමණ ආරම්භ වූ මෙම 'සැන්ඩි ෆයර්' නැමැති ලැව්ගින්න කෙටි වේලාවකින් අක්කර 500ක් පමණ පුරා පැතිර ගොස් ඇති බව සඳහන් වෙයි. පැයට සැතපුම් 30ක පමණ වේගයෙන් හමාගිය තද සුළඟ හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.
යාපනය මඩකලපුව විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම තමිල්නාඩුවට ලබා දෙන්න - මන්ත්‍රී රාමනාදන් අර්චුනාගෙන් දැඩි ප්‍රකාශයක්
පුද්ගලයන් 125,000කට වඩා ජීවත් වන සිමි වැලී නගරය සම්පූර්ණයෙන්ම දුමාරයෙන් වැසී ගොස් ඇති අතර, හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසිමින් ගින්න නිවීමට උත්සාහ කරන බව සඳහන් වෙයි. ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ 'රොනල්ඩ් රේගන් ජනාධිපති පුස්තකාලය සහ කෞතුකාගාරය' ද වසා දැමීමට පියවර ගෙන තිබේ.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.