ඇමරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් ..25ක් මරුට

By Hashini May 18, 2025 02:50 AM GMT
Report

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට ටොනේඩෝ සුළිකුණාටු තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉන් මේ වන විට පුද්ගලයින් 25ක් දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

එම ප්‍රාන්තයට සුළි කුණාටුව පහව යන තෙක් පැය කිහිපයකට ඇඳිරි නිතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සොයා ප්‍රාන්ත බලධාරීන් මෙහෙයුම් දියත් කර ඇති බවයී. 

කොළඹ බලේ ගන්න අපි සුදානම් - රවී කියයි

කොළඹ බලේ ගන්න අපි සුදානම් - රවී කියයි