ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මිලියන 200කට වැඩි පිරිසක් අනතුරේ

Report

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.

තවද එක්සත් ජනපදයේ ගුවන් ගමන් 10,000කට අධික ප්‍රමාණයක් මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇත. එමෙන්ම මෙම සුළි කුණාටු තත්ත්වයෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකට බලපෑම් ඇති විය හැකි බව එක්සත් ජනපද බලධාරීන් පවසයි.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

රටේ පවතින තත්ත්වය මත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව හදිසි අවස්ථාවන්හිදි මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවත් සඳහන් වේ. එමෙන්ම සැතපුම් 2,300ක් පුරා විහිදෙන මෙම ශීත කුණාටුව නැගෙනහිර සහ දකුණු ප්‍රාන්තවලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න