චන්ද්‍ර කුණාටුවෙන් එක්සත් රාජධානියට වෙලා තියන දැඩි බලපෑම මෙන්න

Report

'Storm Chandra' නමින් හැඳින්වෙන කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ විශාල ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙලෙස අයහපත් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් එක්සත් රාජධානියේ මාර්ග රැසක් වසා දැමීමට සිදුව තිබේ.

ඒ වගේම දුම්රිය, නාවික හා ගුවන් සේවා ගණනාවක් අවලංගු කරන්නට කටයුතු කර ඇත. තවද එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා තිබෙන බවත් සදහන් වේ.

කුණාටුවෙන් පැය 80mph (කිලෝමීටර් 130කට ආසන්න) දක්වා සුළං වේග වාර්තා වීමත් සමඟ දේපළ දහස් ගණනක් විදුලි සැපපයුමටද බාධා එල්ලවී ඇති බවත් සදහන් වේ.

ඒ වගේම එංගලන්තයේ, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල සුළං, වර්ෂාව හා හිම සඳහා අවදානම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

බෙල්ෆාස්ට් ඇතුළු උතුරු සහ නැගෙනහිර උතුරු අයර්ලන්තයේ සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.