පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (13) පෙ.ව. 10.00ට නිකුත් කර ඇති අතර එය ප.ව. 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටද අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතී.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු හා සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි