ප්‍රංශයේ දරුණු ලැව් ගින්නක්

By Hashini Jul 09, 2025 09:02 AM GMT
Report

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් අතර, ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 දෙනෙකු සිටින බව වාර්තා වනවා.

ගින්න පාලනය සඳහා ගිනි නිවන භටයින් 800ක් පමණ එම ස්ථානයේ සිටින බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ පවසා ඇත්තේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති බවයි.

එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සඳහන් කර ඇත්තේ, එම ප්‍රදේශයේ ජීවත්වන නිවැසියන්ට ආරක්ෂක උපදෙස් පිළිපඳින ලෙසත් ගින්න පාලනයට අවශ්‍ය ගිනිනිවන භටයින් තවදුරටත් යොදවන ලෙසත්ය.

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්ව සිටියා - මහජන ආරක්ෂක ඇමති

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්ව සිටියා - මහජන ආරක්ෂක ඇමති