ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්
By Shehan
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් ගාසාහි ආහාර තොග හිඟවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.
කෙසේ නමුත්, ගාසා තීරයේ සිටින පලස්තීනුවන් මිලියන 2.1 සඳහා අවශ්‍ය සැපයුම් සහතික කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය බැඳී සිටින බව එම සංවිධානය අවධාරණය කරයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසාහි මන්දපෝෂණය උග්‍ර වෙමින් පවතින අතර, පරීක්ෂාවට ලක් කළ බොහෝ ළමයින් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළිවී ඇත.