ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

Report

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වූ දුලාන් මධුසංක මෙම ක්‍රියාව මෙහෙයවූ බව සහ එයට හේතුත් පොලිසියට පැහැදිලිව කියා ඇති බව අනාවරණය වී ඇත.

පරීක්ෂණ අනුව, මෙම ඝාතනය මෑතකදී ආරම්භ වූ පැරණි පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් වන අතර, එයට පාතාල නායකයන්ගේ සහයද තිබූ බව දුලාන්ගේ ප්‍රකාශවලින් හෙළිවෙයි.

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

ඝාතනයට මූලිකවී තිබෙන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක දී ඇති වාදවිවාදයකි.

එහිදී ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පිය - පුතු පාර්ශවයක් තර්ජනයක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඩෑන් විසින් 20 වැනිදා ඔවුන්ට අයත් ත්‍රීරෝද රථයක් වෙත පිහියකින් පහර දීමට උත්සාහ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පොලිස් පැමිණිල්ලක් අනුව, ඩෑන් ප්‍රියසාද්ට එදින පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද ඔහු එයට නොපැමිණි බවද වාර්තා වෙයි.

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු දින 2කට වැසෙයි

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු දින 2කට වැසෙයි

පසුව, මෙම තත්ත්වය මත දුලාන් මධුසංක, ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව ඝාතන සැලසුමක් ක්‍රියාත්මක කළ බව ඔහු පවසා ඇත. ඒ අනුව, 22 වැනිදා බිරිඳේ නිවස අසලදී ඝාතනය සිදුකර තිබේ.

අදාළ සැලසුමට මග පෙන්වූයේ විදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොළොන්නාවේ ධනුෂ්ක සහ කංජිපානි ඉම්රාන් යන පුද්ගලයන් බව දුලාන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

අද වනවිට, ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අයකුලේ, ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගනිය ද සිටින අතර ඇය ඝාතනය සිදු කළ ස්ථානය පිළිබඳ තොරතුරු සැකකරුට ලබාදුන් බව කියවෙයි.

ඔයාලගේ දිනේට මම එන්නේ නැහැ... මගේ දිනේට එන්නම් - රනිල් අල්ලසට කියයි

ඔයාලගේ දිනේට මම එන්නේ නැහැ... මගේ දිනේට එන්නම් - රනිල් අල්ලසට කියයි

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනමක් පනවා ඇති ඩෑන්ගේ සොයුරා ඝාතනය කළ පිය පුතු දෙපළද සම්බන්ධ බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඊට විමර්ශන සිදුකරන බවත්, ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් වාර්තා වේ.