විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි
රටවල් 22කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පෙර නොවූ විරූ ආකාරයේ ශීත කාලගුණයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව වසර උදාවීමෙන් පසුව ආක්ටික් වෙතින් හමා එන ශීත කුණාටු නිසා අමෙරිකා, අප්‍රිකා, ආසියා සහ රුසියානු කලාපයේ ඇතැම් ප්‍රාන්තවල ජනතාව මිලියන ගණනින් පීඩාවට පත්ව ඇති බවයි.
එමෙන්ම බොහෝ රටවලට මේ කාලයේ සාමාන්‍ය ශීත කාලගුණයක් පැවතිය යුතු වුවත් කාලගුණ විද්‍යාඥයන්ට අනුව වසර ගණනාවකට පසුව බලපාන වැඩිම ශීත කාලගුණයකට මුහුණපෑමට එම වැසියන්ට සිදුවන බව ද පවසයි.
තවද මේ සති අන්තයේදී ඇමරිකා එක්සත් ජනපදය පුරා බලපාන ප්‍රබල හිම කුණාටුවකට මුහුණ දීමට සුදානම් වෙමින් සිටින අතර ප්‍රාන්ත 12කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඊට අමතරව සෞදි අරාබිය කැනඩාව, රුසියාව, ජපානය, ඉන්දියාව, පාකිස්ථානය, ඇලස්කාව, ඔ්මානය, කුවේට්, උතුරු සිරියාව, ඉරාකය, තුර්කිය දකුණු කොරියාව, චීනය, යුක්‍රේනය, එංගලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, මොරොක්කෝව, ෆින්ලන්තය, ක්‍රොඒ්ෂියාව ද මෙම අසාමාන්‍ය ශීත කාලගුණයට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද අමෙරිකාවේ ජාතික කාලගුණ සේවයට අනුව, මිලියන 160 කට ආසන්න පිරිසකට හිම පතනය සහ අයිස් මිදුණු වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අධික හිම පතනය, අයිස් සහ දැඩි ශීතල නිසා ඇමරිකාවේ ජනපද 35 ක විශාල ජනතාවකට මෙය ජීවිතයට තර්ජනයක් විය හැකි කාලගුණික සිදුවීමක් වනු ඇති බව සලකයි. එසේම සෙසු රටවල ද සෙල්සියස් අංශක ඍණ අගයන්වල උෂ්ණත්වය බලපාන බැවින් දෛනික ජීවිතවලට බරපතළ බාධා එල්ල වී ඇත.
මේ වනවිට රුසියාවේ කම්චැට්කාවට අඩි 6.5කට අධික හිම පතනයක් සිදුවී තිබෙන බවට ද වාර්තා වේ.