කොරියානු භාෂා ප්‍රවිණතා විභාග සඳහා දින නියම කරයි.

Sri Lanka South Korea
By Wayomi Feb 24, 2023 05:18 AM GMT
Wayomi

Wayomi

Report

දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ, කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් අයදුම් කළ වැඩි සංඛ්‍යාව මෙය බවයි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පසුගිය වසරේදී ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31,378 ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහළ සංඛ්‍යාවක්.

ඊට විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කාර්යාංශය මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ අනුව 13,000 කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙනවා.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාගය ලබන සැප්තැම්බර් 1 දින ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW