පොලීසියේ සෙට් එකකුත් අල්ලස් දැලේ පැටලිලලු..
2025 වසරේ පළමු මාස තුන තුළ (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,267ක් ලැබී ඇති බව වාර්තා වේ.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් 06 දෙනෙක් පොලිස් නිලධාරීන් වන අතර, විදුහල්පතිවරයෙක්, කම්කරු නිලධාරියෙක්, ක්ෂේත්‍ර නිලධාරියෙක්, ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සංවර්ධන නිලධාරියෙක්, අධිකරණ අමාත්‍යාංශ සේවකයෙක්, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙක් සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙක් ද ඒ අතර වෙති.
මීට අමතරව, 2025 වසරේ මෙම කාලය තුළ චූදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු 21ක් පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් වැඩිදුරටත් සඳහන් කරයි.