අනේ දෙවියනේ ප්‍රධාන පාරේ දරුණු අනතුරු 2ක්
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
හාලිඇල උඩුවර ප්‍රදේශයේ පිරිසක් රැගත් පෞද්ගලික වන්දනා බස් රථයක් නුවර බලා යමින් සිටියදී දුන්හිඳ වංගුව අසල දී මෙසේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කළේය.
තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ඒ වගේම ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.