ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවිත් එක්කම මාට්ටු

Report

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී - 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුව‍ෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගෙන තිබුණේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරුතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී බව සඳහන්.

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

ඒ අනුව අඳාළ සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කරන බව හෙළිව ඇත.

එසේම ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක පුද්ගලයෙක් වේ. අඳාළ සැකකරු සතුව තිබී ටී - 56 ගිනිඅවියක්, ටී - 56 ගිනි අවියට යොදන මැසිමක්, ටී 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් හා එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9mm පතොරම් 09ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි 02ක්, කඩු 03ක් සහ කිනිසි 02ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා