ඩඩ්ලිට හොද පාඩමක් උගන්වන්න ඇමති වසන්ත සහල් රටින් ගේනවලු

Rice Wasantha Samarasinghe Sinhala news gagana news
By Mithu Aug 15, 2025 05:36 AM GMT
Mithu

Mithu

Report

පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය.ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් අධික මුදලකට අලෙවි වූ අතර සහල් මාෆියාව රටේ සෑම තැනකම ක්‍රියාත්මක විය.

ඒ අනුව තවදුරටත් මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කීරි සම්බා සහල් හිඟයක් කෘතිමව නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් සහල් ආනයනය කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

ඒ අනුව අවශ්‍ය වුවහොත් සහල් මෙට්‍රික් ටොන් 40000 ක් ලබන දෙසැම්බර් මාසය වන විට ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

"සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි. නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා.

හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන 'GR11' කියන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ. අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි.

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි. අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ. ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ" යනුවෙන් පැවසීය.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට