රෝහලේ අපද්‍රව්‍ය තොගයක් මින්නේරිය වනෝද්‍යානයේ සමහර එන්නත් කල් ඉකුත් වෙලත් නැහැ
අනවශ්‍ය ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිදුවීමක් මෙන්න මේරිය ප්‍රදේශයෙන් වාර්තාවේ. ඒ අනුව රෝහල්වලින් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරි ජාතික වනෝද්‍යානයන්ට අයත් ප්‍රදේශයට ඊයේ (14 වැනිදා) අලුයම් කාලයේදී බැහැර කර තිබේ.
මෙම සායනික අපද්‍රව්‍ය තොගය බැහැර කර තිබෙන්නේ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ දේවාල කඩේ ප්‍රදේශයේ ආශ්‍රිතව මාර්ගය අසලට බව සඳහන්.
මෙහි රෝගීන් සඳහා භාවිත කරන ලද එන්නත් කුප්පි විශාල ප්‍රමාණයක් ඇතුළු තවත් අපද්‍රව්‍ය තිබෙන අතර ඇතැම් එන්නත් කුප්පිවල එන්නත් වර්ග පවතින බවත් එහි කල් ඉකුත් වන දිනය 2027 ලෙස සඳහන් කර තිබෙන බවට දක්නට ලැබෙන බව සඳහන්.
මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් හබරණ මින්නේරිය කොටස දිනපතා පවිත්‍ර කිරීමට වනෝද්‍යානයෙන් පුද්ගලයකු සේවයේ යොදවා තිබෙන අතර ඔහු උදෑසනම පුද්ගලයා මාර්ගය දෙපස පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකිරීමට යාමේදී මේ බව ඔහු දැක තිබේ.
රෝහල්වල ඖෂධ කුප්පිවලට අමතරව විවිධ ඖෂධ සහිත දියර කුප්පි වර්ගද සේලයින් බෝතල් සඳහා භාවිත කරන ලද වයර් ලෙස සැලකෙන තොගයක්ද ඒ ආශ්‍රිතවම දමා ගොස් තිබෙන ආකාරය දක්නට ලැබිණි. වනෝද්‍යානයක් අසල මෙලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම නීතිමය වශයෙන් පටහැනි ක්‍රියාවක් බැවින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකක වේ.