කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු [UPDATE]

Report

මෙම සිදුවීමට අදාළව කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ නිධන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතිබව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක් ද සිටින බව සදහන්.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මොවුන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රීපුර, ගිරාදුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 58 ත් අතර පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සත් දෙනෙකුගෙන් සමන්විත වේ.

පිළිබඳ වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් විමර්ශන ආරම්භ කිරීමට නියමිත වේ.

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්