පිස්තෝලයක් අරන් වන රක්ෂණයේ නිලධාරියෙක් යකා නටයි

Report

වවුනියාව, ඕමන්ත, කොන්දකාරන්කුලම ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුගේ පාරම්පරික ඉඩමක් වගාවන් වෙනුවෙන් සකස් කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ වන සංරක්ෂණ කලාපයකට හානි කරමින් සිටින බව පවසමින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

එම අවස්ථාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පැවසූ පුද්ගලයකු පිස්තෝලයක් ගෙන ප්‍රදේශවාසීන්ට තර්ජනය කරමින් හැසිරුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ. පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි ඉඩමේ හිමිකරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගත් පුද්ගලයා නිලධාරින්ගේ ග්‍රහණයෙන් බේරාගෙන ඔහුට පලායෑමට උදව් කර ඇත.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

පසුව පුද්ගලයන් පිරිසක් සිය රාජකාරියට බාධා කර තම අත්අඩංගුවේ පසුවූ පුද්ගලයකුට පලා යෑමට උපකාර කළ බව පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

තමන්ගේ පාරම්පරික ඉඩම් සීමාවට සංරක්ෂණ වන රක්ෂණ නිලධාරීන් සීමා මායිම් ගල් දැමීම හේතුවෙන් මෙලෙස ගැටලුකාරි තත්ත්වයක් ඇති වී ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු