ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

Sri Lanka Politician Death Law and Order Gun Shooting Sinhala news
By Mithu Aug 15, 2025 07:02 AM GMT
Mithu

Mithu

Report

පසුගියදා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' නැමැත්තා දරුණු වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. ඒ අනුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අත්අඩංගුවට ගත්, අදාළ ඝාතනයේ මෝටර් රථය පැදවූ රියදුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. අදාළ ඝාතනය සිදුකිරීමට බස් ලලිත් ඔහුට ලක්ෂ තුනක මුදලක් දීමට පොරොන්දු වූ බව සඳහන් කරයි.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

බස් ලලිත් තමන් අමතා "ශාන්ත මගේ යාළුවා. ඒ වුණාට ඌට ගහන්න ඕනේ. ඌ රෙස්ටූරන්ට් එකක් හදනවා. ඒකට ඉන්ටර් ලොක් ගල් අල්ලන්න ඕන කියලා ලලිත් අයියා කිව්වා කියපන්. ඒකට ගෙනාපු බඩු බාන්න ඕනේ කියලා ශාන්තට කෝල් කරපන්. පස්සේ ලොකේෂන් එක එව්වම, එහෙම එන්න අමාරුයි, ඇවිල්ලා පාර පෙන්නන්න කියපන්. එහෙම ආවාම ගහපන්" කියලා මට ලලිත් අයියා කිව්වා"

යනුවෙන් සැකකරු පොලිසිය හමුවේ අනාවරණ කර තිබුණි. එම උපදෙස් අනුව තමා 'බනා මන්ත්‍රී'ව ගෙන්වාගෙන ඔහු පසුපස හඹාගොස් සැලසුම ක්‍රියාත්මක කළ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ. එමෙන්ම වෙඩික්කරු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තමන් නොදන්නා බවත් ඔහුව ප්‍රවාහනය කිරීම පමණක් සිදුකළ බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

බස් ලලිත් විසින් ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට මෙම රියදුරුට වාහනයක් ලබා දී තිබූ අතර එම වාහනයෙන් ගොස් මේ සිදු කිරීමට තීරණය කර තිබුණොත් එහි ඇති වූ කාර්මික දෝෂයක් නිසා වෙනත් මෝටර් රථයක් භාවිතා කර තිබේ.

ඒ අනුව විශේෂ විමර්ශන කාර්යාංශයේ බුද්ධි තොරතුරු මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අදාළ මෝටර් රථය අද සිය භාරයට ගත් අතර එහිදී අනාවරණ වී තිබුණේ එයද ව්‍යාජ ලිපිලේඛන මඟින් ලියාපදිංචි කළ එකක් බවය.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

ඝාතනය වූ බනා මන්ත්‍රී නැමැත්තා 'බස් ලලිත්' සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර 'බස් ලලිත්' ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කප්පම් ලබාගැනීම සඳහා තර්ජන සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව ව්‍යාපාරිකයන් විසින් 'බනා මන්ත්‍රී' නැමැත්තාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මැදිහත්වී එම කප්පම් මුදල් ලබානොගන්නා ලෙස 'බස් ලලිත්ගෙන්' ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව අවශ්‍ය පරිදි කප්පම් ලබා ගැනීමට නොහැකි වීම නිසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බිය ගැන්වීම මත මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක පළ කරයි.

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු