තුවාල උන සහෝදරයා රෝහලට අරන් යන ටිකට සුව සැරියේ සහයිකාවට සැරයන් සහෝදරයා කල දේ..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By Piyumika Aug 10, 2024 04:47 AM GMT
Piyumika

Piyumika

Report

අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර,පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය වාර්තා කලේය.

මල්ලිගේ ආරවුලට අයියා ජිවිතෙන් වන්දි ගෙවයි..

මල්ලිගේ ආරවුලට අයියා ජිවිතෙන් වන්දි ගෙවයි..

හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු වන අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සැරයන්වරයාගේ සහෝදරයා ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී සහාය සඳහා එයට ගොඩවි ඇති සැකකාර හමුදා සැරයන්වරයා රෝගියා සමඟ සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිගිත්තියකට බරපතල තුවාල සිදු කරමින් කාන්තාවකට දිවි අහිමි කල මාරක අනතුර..

සිගිත්තියකට බරපතල තුවාල සිදු කරමින් කාන්තාවකට දිවි අහිමි කල මාරක අනතුර..

ඒ බව සෞඛ්‍ය සහායිකාව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයා අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය කියයි. සිද්ධියට අදාල සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙකි.

ReeCha