සිගිත්තියකට බරපතල තුවාල සිදු කරමින් කාන්තාවකට දිවි අහිමි කල මාරක අනතුර..
By Piyumika
වැලිපැන්න ප්‍රදේශයේ අළුත්ගම මතුගම මාර්ගයේ දී ඊයේ (09) මාරක අනතුරක් සිදුව ඇත. මතුගම දෙස සිට අළුත්ගම දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කාන්තාවක් සහ වයස අවරුදු 06ක දැරියක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ .
එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ දර්ගානගර් ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .