තිළිණි ප්‍රියමාලිගේ වංචාවන් සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි සේමිණිත් CID යට.

CID - Sri Lanka Police Sri Lankan Actress Thilini Priyamali
By Wayomi Oct 31, 2022 06:53 AM GMT
Wayomi

Wayomi

Report

ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

ඒ,මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු වෙනුවෙන්.

මේ අනුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි.

ඇය පැමිණ සිටියේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කරන ඇගේ සැමියා සමඟයි.

තිළිණි ප්‍රියමාලි සමඟ චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමඟ කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තවත් නිරූපිකාවකට සහ නිවේදිකාවකට තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඔවුන් ඊයේ වන තුරු රහස් පොලිසිය හමුවේ පෙනී සිට නොමැත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW