මෛත්‍රීගේ සමාව ගැන කතෝලික සභාවෙන් කිව්ව දේ..
Srilanka Freedom Party
Maithripala Sirisena
By Sithumi
මාස 1 කට පෙර
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතෝලික ප්‍රජාවගෙන් සමාව අයදීම පිළිනොගන්නා බව කතෝලික සභාව පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශකයට ප්‍රතිචාර දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවෙන් සමාව ඉල්ලා සිටියේ මෙලෙසයි
