අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis
By Sithumi Jul 12, 2022 12:24 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන හිගය හේතුවෙන් අද (12) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය

. බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද ඇති බව විජිත කුමාර මහතා පැවසීය. ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපා ඇති බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය. 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් ඊයේ(12) දිනයේ ධාවනය වූයේ 200 ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම් වල සිටියත් දුර ගමන් සේවා සඳහා ඉන්ධන ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය. දුර ගමන් සේවා බස් රථ සඳහා ඉන්ධන ලීටර් 120ත් 150ත් අතර ප්‍රමානයක් අවශ්‍ය වුවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන්නේ ඉන්ධන ලීටර් 40 ත් 80ත් අතර ප්‍රමාණයන් බවත් ඔහු සඳහන් කළේය.