ගිනි අවි සහ වාලම්පුරි සමග පුද්ගලයෙකු පොලීසියට කොටු
අම්බලන්ගොඩ පොලිස් වසමේ උඩකැලෑව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් හා වාලම්පුරි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ වයස අවුරුදු 55 ක් වන උඩකැලෑව, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි,
ඒවගේම ඊයේ දිනයේ වැටලීම සිදුකොට ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
තව දුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනු ලැබේ.