පහළොස් හැවිරිදි දියණිය පන්තියට ගෙනිහින් දාන්නම් කියා ත්‍රී රෝද රථයට නංවා බීච් ගෙනිහින් අතවර කරලා

Report

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් උපකාරක පංතියකට කැඳවාගෙන යන බව කියමින් මුහුදු වෙරළට කැඳවා ගෙන ගිය 48 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු දකුණු කළුතර වත්තමුල්ල පාරේ, සුනාමි නිවාසවල පදිංචි අයෙකි. පොලිසිය අනාවරණය කරන පරිදි මෙම දැරියගේ පියා විදේශගතව සිටින අතර, 20 වැනිදා දහවල් 1.45 ට පමණ, බාලිකාව උපකාරක පංතියකට සහභාගි වීමට පා ගමනින් යමින් සිටියදී, රියැදුරා තමා අසල ත්‍රිරෝද රථය නවතා “පංතියට ඇරලවන්නම්” යැයි කියා ඇය නංවා ගෙන තිබේ.

ඊට පසුව, ඉන්පසු ඔහුගේ පවුලේ අය කටුකුරුන්ද අවානි හෝටලය අසල මුහුදු වෙරළේ සිටින බවත් ඔවුන් ද නංවාගෙන ඇවිත් පංතියට ඇරලවන්නම් යැයි කී ඔහු තමා කැඳවාගෙන ගොස් වෙරළේ පඳුරක් අසල නවතා “ටික වේලාවක් මෙහෙම ඉඳිමු” කියා අතින් අල්ලා ගත් බවත් එවිට තමා බියවී කෑ ගැසූ බවත් ඇය පොලිසියට කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

බියවී කෑ ගැසූ දැරිය නංවා ත්‍රිරෝද රථය පණ ගන්වා ගෙන යාමට සැරසෙද්දී, ඒ අසල සිටි පිරිස ත්‍රිරෝද රථය නතර කර සැකකරු සමඟ ඇයව පොලිස් නිලධාරීන්ට භාර දුන් බවද දැරිය ප්‍රකාශ කර ඇත.

දැරිය විශේෂ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක දිසානායක යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

කුඹුරේ සීසාමින් සිටි පුද්ගලයා ට්‍රැක්ටරය පෙරළී අවසන් ගමන් යයි

කුඹුරේ සීසාමින් සිටි පුද්ගලයා ට්‍රැක්ටරය පෙරළී අවසන් ගමන් යයි