බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් පෙරළෙයි
By Kaushi
පවතින අයහපත් කාලගුණය නිසා පානදුර - කර්මාන්ත පුර මාර්ගයේ දී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනතුර සිදුවන අවස්ථාවේදී එහි දෙදෙනකු ගමන්කර තිබෙන බව සඳහන්.
එහෙත් අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නැති බව පවසයි.
මේ අතර ප්‍රදේශවාසීන් එක්ව කඹ ආධාරයෙන් මෝටර් රථය ගොඩගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියෙන් වාහනයක් පැමිණීමේදී මෝටර් රථ රියදුරු තිරිංග තදකර තිබෙන බවත්, වැස්ස නිසා මාර්ගය ලිස්සන ස්වභාවයක් ගෙන තිබූ හෙයින් මෝටර් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කැරපන් ඇළට පෙරළී ඇති බවත් පොලීසිය වාර්තා කරයි.