අග්නිදිග විශ්වවිද්‍යාලය අද සිට 'ඔන්ලයින්' අධ්‍යයනට හැරෙයි
අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට නේවාසික පහසුකම් නොමැතිවීම හේතුවෙන් මාර්ගගතව (Online) අද (22) සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් එහි ආපනශාලාවක පෙරේදා රැය පහන් කර තිබුණි.
තවද මෙම විශ්වවිද්‍යාල සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අසල නේවාසික පහසුකම් ඉල්ලා ඊයේ(21) දහවල් විරෝධය පළකර තිබේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය එච්. එම්.එම්. නලීර් මහතා ප්‍රකාශ කළේ මෙම ගැටළුව සදහා තාවකාලික විසදුමක් ලෙස සිසුන්ට මාර්ගගතව අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.