ජාතික වැඩකට අත ගහන්න ඔබටත් අවස්ථාවක් - මේ අංකවලට අමතන්න

Report

අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම සඳහා සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර ඇති බව සඳහන්.

එබැවින් තම අදහස් සහ යෝජනා ලබන 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් හඳුන්වාදී ඇති,

වට්ස් ඇප් අංක – 0771806878

ෆේස්බුක් ගිණුම – National Youth Policy 2025

ඊමේල් – youthpolicy2025@gmail.com

දුරකථන අංක – 011 2697934

ෆැක්ස් අංක – 011 2688836

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

වෙත හෝ

ලේකම්,

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය,

අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07

ලිපිනයට ලිඛිතව යොමු කරන මෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

දෙලක්ෂ තිස් හයදාහකට රාජ්‍ය ආයතනයකට පුටු දෙකක් අරන් - වැඩේ මාට්ටු

දෙලක්ෂ තිස් හයදාහකට රාජ්‍ය ආයතනයකට පුටු දෙකක් අරන් - වැඩේ මාට්ටු

ශ්‍රී ලංකාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පැවතීම ඇතුළු දැනට පවතින තරුණ ප්‍රතිපත්තියේ පසුගාමී ලක්ෂණ නිසා නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනිමින් සකසන මෙම නව ජාතික තරුණ ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව ඊට අදාළ විෂය ප්‍රවීණයන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වයෙන් සකසන මෙම ජාතික තරුණ ප්‍රතිපත්තියට අදහස් සහ යෝජනා ලබා දීමට සෑම පුරවැසියෙකුටම අවස්ථාව දී තිබීම විශේෂත්වයක් වේ.

මෙහි අරමුණ, මෙරට සියලුම තරුණ තරුණියන් ආවරණය වන ලෙස තරුණ ශ්‍රම බලකාය සවිබලගැන්වීම සහ මනා පෞරුෂයෙන් යුත් නායකත්වයක් සහ නිර්මාණශීලි තාරුණ්‍යයක් ගොඩනැඟීමයි.

උදේම සුබ පණිවුඩයක් - වාහන මිල ලක්ෂ ගාණකින් අඩු වෙලා

උදේම සුබ පණිවුඩයක් - වාහන මිල ලක්ෂ ගාණකින් අඩු වෙලා