වහාම ස්පා නීතිගත කරන්න - පෙත්සමක්

Report

ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය මඟින් ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත වහාම සකස් කිරීමට පියවර ගැනීමට නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර ඇත.

ඒ අනුව එහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙහිදී පෙත්සම්කරුවන් තමන් බලපත්‍රලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බව කියා සිටියි.

එසේම අඳාළ පෙත්සමේ තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බවත් සඳහන්.

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

වාහන අංක තහඩු ගන්න හිටපු අයට නරක ආරංචියක්

ඒ අනුව ඉකුත් 2019 වසරින් පසුව මෙවැනි සම්භාහන ආයතන පවත්වාගෙන යෑමට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ නිසා තම රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

එනිසා පොලීසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත්වීම් සිදුකිරීම හේතුවෙන් තම වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

අල්ලපු අයිස් විනාශ කරන එක අපරාදෙනේ - වැඩක් ගන්න අහන හිටපු රාජ්‍ය ඇමති

අල්ලපු අයිස් විනාශ කරන එක අපරාදෙනේ - වැඩක් ගන්න අහන හිටපු රාජ්‍ය ඇමති

තවද ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීමට රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත වහාම සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.  

අමාරුවෙන් අල්ල ගත්තු අපරාධකරු නිදහස් කරන්න ස්ථානාධිපතිතුමාම පොලිසියට අණ දීලා

අමාරුවෙන් අල්ල ගත්තු අපරාධකරු නිදහස් කරන්න ස්ථානාධිපතිතුමාම පොලිසියට අණ දීලා