අද කොළඹ යන අයට කල්තියා දැනුවත් කිරීමක්
අද දිනද කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇත.
ඒ තවමත් දිවයිනේ පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්.
මේ අතර දිනෙන් දින අධික වෙන වර්ෂාපතනය හමුවේ දැනටමත් විවිධ පීඩාවන්ට ලක් වෙන ජනතාව දිවයිනෙන් වාර්තා වේ.
ඒ අනුව අද දිනද උදෑසන කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි දැක්වුණේ අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කර බවයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පවසයි.
එසේම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි දක්වා ඇත.