උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Report

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද (22) දිනයේත් සීමා කෙරෙන බවයි.

අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයකින් නායයෑම හේතුවෙන් මෙම තීරණය කර ඇත.

අද දහවල් දක්වා දුම්රිය ගමන් සීමා කෙරෙන බව සඳහන්ය. තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල අතර අද පෙරවරුවේදී ධාවනය කෙරෙන දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරන බවයි. 

තවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දහවල් 12.00 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි.

අද කොළඹ යන අයට කල්තියා දැනුවත් කිරීමක්

අද කොළඹ යන අයට කල්තියා දැනුවත් කිරීමක්

වහාම ස්පා නීතිගත කරන්න - පෙත්සමක්

වහාම ස්පා නීතිගත කරන්න - පෙත්සමක්