පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

By krishani Oct 13, 2024 12:18 PM GMT
Report

විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.

ඒ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව වෙනුවෙන් එරට ඉස්ලාමාබාද් අගනුවරටයි.

මැතිවරණ උණුසුම මැද, කෙහෙළිය තාවකාලිකව ගත්ත තීරණය මෙන්න..

මැතිවරණ උණුසුම මැද, කෙහෙළිය තාවකාලිකව ගත්ත තීරණය මෙන්න..


ඒ රට තුළ පවතින දේශපාලන අර්බුද හා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිල්ලට ගනිමින් ය.

ඒ අනුව ෂැංහයි සමුළුව සඳහා ආරක්ෂක පියවරක් ලෙස ඉස්ලාමාබාද් නුවර දින 03ක නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

එමෙන්ම, පොලිස් හා හමුදා සාමාජිකයින් යොදවා ඉස්ලාමාබාද් නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..


ෂැංහයි සහයෝගීතා සමුළුව ලබන 15 වනදා ආරම්භ වන අතර ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, රුසියානු හා චීන අග්‍රාමාත්‍යවරුන් ඇතුළු රටවල් 16ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


කෙසේ වෙතත්, පාකිස්තානය තුළ පසුගිය දින කිහිපයේ දේශපාලන අර්බුද හා ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් වාර්තා වූ අතර පවතින තත්ත්වය සමුළුව පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් නොවන බවට ද ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබෙනවා.