යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

Report

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටයි.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට, එකවරම පොලීසියේ ලොකු පුටුවල වෙනසක් වෙලා මෙන්න..

රටේම වෙනස්කම් රැසක් වෙනකොට, එකවරම පොලීසියේ ලොකු පුටුවල වෙනසක් වෙලා මෙන්න..


ඒ අනුව ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භට පිරිස් සූදානම් කරන ලෙසද හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් කටයුතු කර ඇති බවද සඳහන් වේ.

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)


එසේම, ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ අවධානමකට ලක්වූ පන්නල ජයවඩන වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් යොමුකර ඇති බව වාර්තා වේ.

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)


තවද, කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවධානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට සහ කැළණිමුල්ල කොහිලවත්ත ප්‍රදේශයේ තවත් ඇළ මාර්ගයකට වැලි කොට්ට අතුරා ගංවතුර අවධානම අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ භටපිරිස් කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.


You may like this -