මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි
මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (19) දින ප.ව. 05.30 තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.
සූදානම් වන්න යනුවෙන් දක්වා ඇති අඳාළ නිවේදනයෙහි මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන (2.5-මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතියි.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්
ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්