අවදානමෙන් මුහුද ගොඩට එයි. - කාලගුණයෙන් රතු නිවේදනයක්.

Department of Meteorology Weather
By Wayomi May 27, 2024 06:32 AM GMT
Wayomi

Wayomi

Report

අයහපත් කාලගුණික තත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනු දී ඇත.

ප්‍රබලයින් රැසක් සන්ධානගත වෙයි. - අලුතෙන් එළියට ආ දේශපාලන ව්‍යාපාරය මෙන්න. - (VIDEO)

ප්‍රබලයින් රැසක් සන්ධානගත වෙයි. - අලුතෙන් එළියට ආ දේශපාලන ව්‍යාපාරය මෙන්න. - (VIDEO)


කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.   


Gallery
ReeCha