ඡන්දෙට පාසල් මැයි 5 සහ 6 නිවාඩු
මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා..
යලි පාසල් ආරම්භ වන්නේ මැයි මස 7වනදායි..
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවයි.
ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් ය.
