ඔබත් නිර්මාණශීලි අයෙක්ද ?? එහෙනම් මෙන්න හොඳ අවස්ථාවක් !!

University of Ruhuna Social Media Sinhala news
By Hashini Apr 24, 2025 11:13 AM GMT
Hashini

Hashini

Report

ඔබටත් ඉතා නිර්මාණශීලි ආකාරයෙන් කෙටිකතා ලියන , TiK Tok කරන , චිත්‍ර අදින කෙනෙක්ද? එහෙනම් මේ අවස්තාව ඔයාට...

රුහුණු විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය මඟින් ''නවනෙත් '' නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය මඟින් ඔවුන් නිර්මාණශීලි කාව්‍ය සහ කෙටිකතා, TiK Tok වීඩියෝ සහ චිත්‍ර ,පෝස්ටර් තරඟයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

‘’යහපත් සමාජයක් උදෙසා අලුතින් සිතමු..වෙනස් ලෙස දකිමු’’ යන්න එහි මාතෘකාවයි.

එම තරඟය පාසල අංශය, ශ්‍රව්‍ය දෘශ්‍ය හා කථන ආබාධිත අංශය සහ විවෘත අංශය වශයෙන් පැවැත්වීමට නියමිතයි.

සිංහල සහ දෙමල මාධ්‍ය ඔස්සේ මෙය ක්‍රියාත්මක වනවා.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය වන්නේ 2025 මැයි මස 15 වනදායි.

නිර්මාණ ඉදිරිපත් කිරීම තැපෑලෙන් , ඊමේල් හෝ Whatsapp මඟින් ඉදිරිපත් කල හැකිය.

එක් එක් කාණ්ඩයෙන් තෝරා ගන්නා නිර්මාණ සඳහා මුල්‍ය ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ.

නවනෙත් සම්බන්ධතා විස්තර දැනගැනීම සඳහා ;

තැපැල් ලිපිනය - රුහුණු ආදී විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය , 607/20 , පිටිපන නගරය , හෝමාගම

විද්‍යුත් තැපැල් ලිපිනය - ruhalumnicmb@gmail.com

Whatsapp - 077 3502928

තරඟය සම්බන්ධ විස්තර දැන ගැනීම සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකිය.

ජගත් - 077 3502928

උපාලි - 071 1725715

තරඟය සඳහා අයදුම්පත් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න

https://forms.gle/fBapeDNzK16j74Ay9



 

ReeCha