හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

Ministry of Education Strike Sri Lanka Sri Lankan Schools Education
By Aruna Jun 23, 2024 03:21 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ අතර, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසන්නේ, තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද දින 50කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.

ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම් හෙට හෝ අනිද්දා වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බවයි, එහි සම සභාපති මංගල දඹරේරා මහතා පැවසුවේ.

මේ අතර, එළඹෙන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, රජය පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

මේ අතර ලබන 26 වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා එදිනට පාසල් පැමිණෙන දරුවන්ට දැනටමත් පාසල් පැමිණීමේ අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබේ.

ඊට හේතුව නම් ගුරුවරුන් පාසල් නොපැමිණේ යැයි අවිනිශ්චිතතාවයයි.

කෙසේවෙතත් එදින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.