දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Ministry of Health Sri Lanka Sri Lankan Schools Education
By Aruna Oct 19, 2024 05:03 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා.

කළුතර ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට අදාල එන්නත ලබාගැනීමෙන් පසු උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවී ඇති වීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ ය.

ඉන්දියාවේ රූමත්ම නිළියට ශ්‍රී ලංකා සම්බවයක්..ලංකාවටත් සතුටුදායක ආරංචියක්.(PHOTOS)

ඉන්දියාවේ රූමත්ම නිළියට ශ්‍රී ලංකා සම්බවයක්..ලංකාවටත් සතුටුදායක ආරංචියක්.(PHOTOS)


කෙසේ වෙතත් අදාල සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් යථා තත්වයට පත් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා මෙවැනි තත්වයන් දක්නට ලැබෙන බවයි.

ReeCha