හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමක්..සමාජවාදී ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්.

By Aruna Oct 19, 2024 02:11 AM GMT
Report

මේ වන විට රට පුරා විදුලිය ඇනහිට ඇති බව කියුබානු විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.

ඒ කියුබාවේ ප්‍රධාන විදුලි බලාගාරය ක්‍රියා විරහිත වීමත් සමග බවයි පැවසෙන්නේ.

කියුබාවේ ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ, මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිලධාරින් කටයුතු කරන අතර මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම මැදිහත් වන බවයි.

විදුලිය සම්බන්ධයෙන් වහාම මේදේ කරන්න..ජනපති අනුරට ලියයි..හඳුන්නෙත්තිටත් අභියෝගයක්.

විදුලිය සම්බන්ධයෙන් වහාම මේදේ කරන්න..ජනපති අනුරට ලියයි..හඳුන්නෙත්තිටත් අභියෝගයක්.


කෙසේ වෙතත් පවතින තත්ත්වය සමග ලබන සඳුදා දක්වා කියුබාවේ පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමට ද උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

විදුලිය ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙන් අත්‍යාවශ්‍ය නොවන සේවකයන්ට නිවෙස්වලම රැඳී සිටින ලෙසත් උපදෙස් ලබාදී ඇත.

නමුත් නිලධාරීන් සඳහන් කරන්නේ, රට පුරා විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ හේතුවෙනුයි රට පුරා බලශක්ති හදිසි තත්ත්වයක් කියුබානු අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.