විදුලිය සම්බන්ධයෙන් වහාම මේදේ කරන්න..ජනපති අනුරට ලියයි..හඳුන්නෙත්තිටත් අභියෝගයක්.

Report

මෙගාවොට් සීයක ධාරිතාවෙන් යුත් ඒස් ඇඹිලිපිටිය ඩීසල් බලාගාරය රජයට පවරාගන්නා ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (18) විද්‍යුත් ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

එය රජයට පවරා නොගැනීම නිසා මේ වන විට මිලියන දොළොස්දහක පාඩුවක් සිදුවී ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපති ධුරය දරන සමයේදී මෙම බලාගාරය රජයට පවරා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද එහි දැක්වෙනවා.

අද ලග්න 06කට දියුණුවේ රන් දොරටු ඇරෙන දවසක්..ලග්න 04ක අය පරිස්සම් වන්න..

අද ලග්න 06කට දියුණුවේ රන් දොරටු ඇරෙන දවසක්..ලග්න 04ක අය පරිස්සම් වන්න..


මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා මෙසේ කියා සිටියා.

හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ මේ බලාගාරයෙන් මෙගාවොට් සීයක් විදුලි බල මණ්ඩලය ගන්නවා. ඒ විදිහට විදුලිය ගත්තත් නැතත් ගිවිසුමට අනුව මාසිකව රජය මේ බලාගාරයට මිලියන අනූවක් ගෙවිය යුතු වෙනවා.

පෙර තිබූ ගිවිසුම්වලට අනුව හරි නම් මේ බලාගාරය 2015 දී රජයට අයිති විය යුතුයි. නමුත් මේක පවරගත්තේ නෑ. මේ වනවිට ප්‍රාග්ධන වියදම් සියල්ලම රජය ගෙවලා ඉවරයි.

ඒ නිසා රජයට අයිති විය යුතු බලාගාරයකට මුදල් ගෙව ගෙව විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඒ වගේම විගණකාධිපතිවරයාත් මේ බලාගාරය රජයට පවරාගන්න කියා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

අපි පසුගිය ආණ්ඩුවලට චෝදනා කළේ හදිසි විදුලි මිලදී ගැනීම් මගින් ඩීල් දමා මුදල් ගසා කෑමේ අරමුණින් මේ බලාගාරය පවරාගන්නේ නැතුව දිගින් දිගටම හදිසි මිලදී ගැනීම කරන බවටයි.

ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ බලාගාරය රජයට පවරාගෙන අක්‍රමිකතා වෙන්න තියෙන ඉඩකඩ අහුරන්න කියලා.