පාසල් ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් විශේෂ තීරණයක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.
පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.

ඒ පෙබරවාරි මාසයේ සිටයි.
එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
අද (01) සිට නව වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇතැයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ඒ මහතා පැවසීය.